" ස්ත්‍රී පාද නමාමී ආදරේ"

                                                 " ස්ත්රී පාද නමාමී ආදරේ"


තෝමස් ලුතර්ඩ් හෙවත් 85MM විසින් වීදි ඡායාරූපකරණයට අපගමනය Thomas Leuthard ( 85mm ) යනු ස්විට්සර්ලන්තයේ Zurich සහ Luzern අතර පිහිටි වීදි ඡායාරූප ශිල්පියෙකි. 85mm කාචයක් සහ Nikon D90 කැමරාවක් භාවිතා කරමින් 2009 දී පොදු අවස්ථාවන්හිදී මිනිසුන් අල්ලා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහු තීරණය කළේය.
මේ ඒ වීදි ඡායාරූප ශිල්පියාගේ ඡායාරූපයකි. මාරස සයිබර් රස්තියාදුවේ ගෙදෙ
මාරස සයිබර් රස්තියාදුවේදී ගේන යෝජිත ඡායාරූපයේ දිගම දිග හෑල්ලක් නොවේ සැහැලි ලියන අදහස කල් දාලා මේ දෙපා ගැන යමක් හදවත්වල ලියන්න හිතුනා. ගැහැණියක් ඡායාරූප දඩයම් කරන ඡායාරූප ශිල්පියෝ කැමරාවේ තාක්ෂණයට උපරිම දායකත්වයක් දිය යුතුමයි. නමුත් කැමරා ද්වාරයේ සිට ද්වාරපාලකය හරහා කාචවිවරයත් උපයෝගී කරගනිමින් තමන්ගේ අරමුණ දිලිසෙන ආලෝකය පටලයට හෝ තාක්ෂණික සංවේදී සංවේදකයට ඒ පරාවර්තිත ආලෝකය දඩයම් කරගත යුතුයි. දන්නවාද අඳුරේත් ඡායාරූප ගහන්න හැකියි කියා. ඉස්සරනම් පටල පටයත් ඊට අනුගාමීව තොරා ගත යුතුයි. දැන් තාක්ෂණය ගොඩක් වෙනස්. නමුත් මූලික න්යාය ඒකයි. හරියට අර වෙද්ය උපකරන මාර දියුනු උනත් ඇස් පරික්ෂාවෙදි බින්හෝල් හෙවත් කළුකොලයක අල්පෙනෙත්ති සිදුරකින් ඈත දර්ශනයක් බලන්න දෙනවා වගේ වැඩක්. මොනවා වෙනස් වුනත් මූල න්යායන් නැතිනම් මිනිසුන්ගේ අතීත පූර්වාදර්ශවල මූලයන් වෙනස්වෙන්නේ අර සූර්යා නාකිවෙනවා වගේ බොහෝම හිමින් කියලා හිතාගන්න.
මේ ඡායාරූපයේ තියෙන්නේ ගැහැණියෙකුගේ පාද දෙකක්. පිරිමියෙක් මේ අඩි උස සපත්තු දාගෙන හිටියත් ඒද්රව්ය දෙස බලල අපි පරිකල්පනය කරන දේ මිනිස් විඤ්ඥානයේ ගැහැනියක් බවට පත්වෙනවා. නමුත් පාද දෙකේ දේහලක්ෂණ සංකල්ප වලින් මෙවන් සෑම දැක්මක්මක අවසානය ඒ කෙල්ලක්ම හෝ ස්ත්රියක්ම විය යුතුයි. ඒ සංඥාවෙන් පොලා පනින්නේ ලිංගික ආවේග මානසිකත්වයක්මයි. ගැහැනියෙකුගේ හැම පාදයක්ම එහෙම වෙනවානම් මිනිස්සු බලන්නේ ඒ ගැහැනිගේ මූන විතරක් විය යුතුයි. අර කාම සූත්රයේ සහ අනංග රංග පොත්බැලුවාටත් වඩා ජ්යෝතිෂය සමග සංහිතාග්රන්ථ කියවා ප්රාමානික දැනුම ඇත්තන් සමග කතා කර ජීවිතයෙන් හදාරන විට පුරුෂයාගේ පමණක් නොව ස්ත්රි වශිය සම්බන්ධව පිරිමින්ගේ පැත්තෙන් ගත්කල ලිංගික බැල්ම සම්බන්ධව වෙනම කතා කළොත් හරියට අර තම ආදරවන්තියගේ නළලෙන් පටන් අරන් දෑස්, කම්බුල් සහ නාසා , මුක හරහා නිකට ඔස්සේ ගෙල බලා පියවුරු නොබලා පෙකනියට ටිකක් ඇස් යොමා යෝනිය දෙසද නොබලා මෙන් කලවා, සහ දනහිස් බත්කෙන්ඩ හරහා විළුඹට ඇස් තබා බලා පාද වලින්නවතින්න යන කතාවක්. නැවත දෙපාඇඟිලි නියපොතු වැඩිපුර නරඹා නැවත එතැන් සිට හිස කෙස් දක්වා ඇස යොමා කෙලින්ම සියල්ල අතර මග දමා පියවුරු දෙස එක එල්ලේ බලා සිට ඒකිගේ චල ලෝචනයන් දෙස එක එල්ලේ බලා අනුමැතිය ලැබූ කළ කෙලින්ම යෝනිය දෙසම බලාසිටින්න යනවා වගේ දෙයක්. ඒක ලිංගික සුරතාන්තයට ආසන්නය කියන කතාව හදවතේ දෝංකාර දෙනවා නියතයි කියනවා වගේ දෙයක්. ඉන්පසු යෝනි තොල් හරහා. හිස්තැන් පුරවන්න කියලා තමා ස්වභාවයා කියන්නේ කියලා තමා ඒ කතන්දරේ අදහස. ඒ ලිංගිකත්වයේ සෞන්දර්ය කතාන්දරයකටත් වඩා යථාවක් කියන්න මාරස කැමති නැහැ. කෙලින්ම ඒක සැබෑවක්. හරියට අර සූර්යාගමනය වගේමයි. ග්රහයන්ගේ චලිතය විතරක් නෙවේ සකල ලෝකයේ චලිතය වගේ. අර මහාවීරලා ගෞතම බුදුන් වහන්සේලා සමහර තැනක නොවේ හැම තැනකම දේශනා කළා වගේ.
හැම දෙයක්ම ස්වභාවයේ රටාවක් වගේද කියලා හිතෙන තරමට ලිංගිකත්වය කියන්නේ භාවනාවක් කියලා මාරස කියන්න උත්සහ කරන්නේ නැහැ. මොකද භාවනාවක් කියලා ගිහියෝ පන්සිල් ගන්න යනවානම් ඉතිරිය වනාහී භාවනාවක් කියන්න ගියොත් ඒක ජරමරයක් වගේ. මිනිසුන් ස්වභාවයෙන් දන්න දේ නැවත නැවතවෙන විදිහකින් කියලා වැඩක් නැහැ. වෙන විදිහකට තමා මිනිස්සු තේරුම් ගන්නේ. තියන විදිහට කියන කතාව තමා ධර්මය කියලා කියන්නේ. වෙනත් විදිහකට හදලා තවත් සත්යක් කියලා කියන කතාවට තමා දර්ශනය කියන්නේ කියලා හිතලා බලලා තේරුම් ගන්න අය ගන්න.
කොහොම නමුත් හැටහතර මායම් ක්රමවේදයෙත් ‌ජ්යෝතිෂයෙත් භගමනිය යන ස්ත්රී සංවේදී ස්ථානයට අමතරව තව දේවල්දන්වා තිබෙනවා. ඒ සම්බන්ධව ඇලපති නම් බටහිර වෙද්යවිද්යා ක්රමයේ මහා සොයාගැනීමක් වන් පොදුවේ යාන්ත්රික භෞතිකවාදීන් නොදන්නා නමුත් ඇකඩමියානු වෙද්යවරුන් සහ සාමාන්ය හදාරන්නන් දන්නා ස්ත්රී යෝනි මාර්ගයේ අඟලක් හෝ අඟල් එකයි කාලකට ගර්භාෂය පැත්තට ඇතුලින් ශරීරයට සාපේක්ෂකව උඩ පැත්තට ඇති උඩුතල්ලේ රැලි ස්වභාවයෙන් පිහිටි ජී පොයින්ට් නැමති අති සංවේදී ස්ථානයඇත්තම ඇත්තක් කියලා සියලු වෙද වරුන්ටත් දාර්ශනිකයන්ටත් වඩා කාම බෝගියෝ අනිවාර්යෙන්ම දන්නවා.
ජ්යෝතිෂයේ කුජ ග්රහයා යෝනියට සම්බන්ධ කර ලිංගික ස්නායු සුසර කිරීම ගැන සාධනාවක් මතු කරනවාකියන කතාව එදා සිට මතුවන්නේ ඔය කියන ජී පොයින්ට් එකෙන්ම තමා. හැට හතර මායම් , සූසැට ආභරණ ගැන, සූ සැට කලාව සම්බන්ධ සූසැට කාම නිල ගැන කොල්ලනේ සොයා කියවා තේරුම් ගන්න.
නැවත ස්වභාවය වෙනස් විදිහකට කියනවා වගේ දෙයක්. නමුත් ඒක දියුනුවක් තමා. මොකද තාක්ෂනික ඩිල්ඩෝ වෙළෙද පොලක් බිහිවීම නිසා පමණක් වෙන්නේ ධනේශ්වරය නිසයි. නමුත් විද්යාව ආගම කරගත් අයට ඒක නිසා සෙතක් වෙනවා. නමුත් මේ සම්බන්ධව කවුරුත් දන්නවාද ප්රයෝජන ගන්නවාද කියලා මාරසටනම් ගැටලුවක්. මේ සංකල්ප ඔස්සේ මාරසට මේකම පොතක් කරන්නත් හැකියි. නමුත් කියන්න ගත්තේ ඒක නොවේ. මේ ඡායාරූප ශිල්පියා පාදයේ බත්කෙන්දෙන් පහල සිට පාදද වැසූ ආලෝකයෙන් ඇඳල තියන ආලෝක ආලේඛ්යය මුලු ස්ත්රියව විතරක් නෙවේ අර සූසැට ස්ත්රී පුරුෂකාම නිල කලාවම සුසර කරන්න සමත් වෙලා වගේ. කොහොමත් ස්ත්රී පාද නොව සුළැඟිල්ලක් දැක්ක ගමන් පිරිමින්ගේ සිතට වෙන දේ වයස බේදයකින් තොරව මනසට දැනෙන දේ කවුරුත් දන්නවා. ඒක නැහැ කියන්නේ නානකොට අපි ඇඳිවතේම කවදාවත් චූ කරලා නැහැ වගේ ප්රසිද්ධ බොරු කතන්දරයක්.
ගැහැනුන් පිරිමින්ව දකින්නේ ඒ විදිහට නොවේ කියන කතාව කියන්න ඡායාරූප මගින් පහසුයි. අපි සෙස්ස පස්සට කල් දාමු. පිරිමි ඇසට ස්ත්රී පාද නොව සුලැඟිලක නියපොත්තත් වටිනා බව සකල කලා කාරයෝ දන්නවා වගේම ඡායාරූප ශිල්පියොත් දන්නවා. මේ ඔක්කොටම කලින් මිනිස්සු දන්නවා. දන්න බව දන්නේ නැති එක බුදුනුවන් කල්පෙකට හරි නැති කළා වගේ.
මේ ඡායාරූප නිර්මාන කරුවා ශරීරයක සියයට අනූවක්ම වහලා දාලා ආලොක දඩයමකින් රසික සිත් සලිත කරනවා. කොටින්ම සකල වාසීන්ගෙන්ම ප්රශ්නයක් අහනවා දැන් පිරිමින්ට මොකක්ද සිතුනේ ගැහැනුන්ට මොකක්ද සිතුනේ කියලා වගේ- පිරිමින්ගේ විතරක් නොවේ ගැහැනුන්ගේ සිතත් චලිත කරන්න සමත්වන්නේ කොහොමද කියන කතන්දරය ඉදිරියට මාරස දිග අරින්නම්.
12 10 2022
කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා.
www.jagathmarasinghe.com
12 10 2022


Powered by Blogger.