ත්‍රයිලෝක ජීවිත පත්‍ර සහ ආදරය.

                                                 ත්‍රයිලෝක ජීවිත පත්‍ර සහ ආදරය.


බංගලාදේශය ගැන මම දන්නවා. නමුත් බංගලාදේශයේ කෙල්ලක් චත්තමානවක ගාතා වගයක් කියනවා ඇහැලා දැකලා මාරසට මොකක්ද දෙයක් වුනා. ගියා බංගලාදේශ සෙක්ස් බලන්න. පිස්සු හැදෙනවා. ඒකලා තාම බංගලා දේශ්ම තමා. රබ්රීන්ද්රනාතයන් බංගලාදේශ් ගැන කියපුවා සිහියට එනවා. සත්යජිත් රායිව ඉන්දියාව කියනකොටම සිහිවෙනවා කියන කාරනා වෙනම කතාවක්. ඒ සියල්ලන්ටම මැදින් ශ්යාම් බෙනගාල්ලා අදූර්පාල් ක්රිෂ්නන්ලා මතකයට එනවා. ඇල්බට් අයින්ස්ටයින්ලා චාලි චැප්ලින්ලා සහ රබීන්ද්රනාත් ාගෝර්ලා කරේ අත දාගෙන වගේ ගත්ත පින්තූර වල යටින් තිබ්බ ආදරය සිහිවෙනවා. ඒකලා ඒ කාලේ එකතු වුනේ යුද්ධයට විරුද්ධව. නමුත් ඒ ඇතුලේ තිබ්බ හදවතේ ආලෝකය මාරයි.
මාරස සයිබර් රස්තියාදු වෙනකොට බංගලාදේශ් Bangladesh Street Photography වෙබයක තිබිලා මේ ඡායාරූපය හමුවුනා. මන්දා අපිත් දැන් වයසයි. නමුත් සිගරට්ටුවකින් ගන්නා වූ නැවත ඉපදෙනවා නැතිනම් අප්ඩේට් හෙවත් යවත්කාලීන වෙනවා කියන කතන්දරයද කියලා. ඒක කියන්න බැරි කතාවක්. ඔය ත්රයිලෝක විජය පත්ර වලත් බීඩි කොල වලත් දුන්කල වලත් මාර දේවල් තියනවා හදවතට යටින්. අපි දන්නවා බල්ලෙක් හමුවුනත් කියන්නේ ඔය අරක්කු සිගරට් ගංජා මල ජරාව බොන්න එපා කියලා. මාරසත් කියනවා. කිව්වට තේරෙන්නේ නැති දෙයක් තියනවා. ත්රාන්ත්රිකයෝ සෝම පානය කියලා භාවනාවන්ට මේ දේ අදාල කරගත්තා කියලත් කතා තියනවා. බුදුන්ගේ මධුපානය ගැන සර්කානී කියන බුදුන්ගේ සහෝදරයාගේ කතාව සුජිත්අක්කරවත්තයා දිග ඇරලා දැම්මා. සියල්ල නිශ්ශද උනා විනා සැබෑ කතාවක් ගියේ නැහැ. ඒකාත් ඉතිහාස දේවල් දිග ඇරලා දානවා විතරයි. දිග ඇරපු මාගල් වල වි වේල ගන්න ඕන අපිද කියලා සුජිතයාගෙනුත් තදින් අහනවා. දේවල් ඇදලා නිහඬව ඉන්න හැටි අසාධාරණයි කියලත් කියනවා
මේ ඡායාරූපය දකිද්දි වික්ටෝරියානු මතවාදයේ බලය නිසා අපට හිතෙන්නේ කාලකන්නියෙක්. බෙහෙත් ගනින් පොන්නයා වගේ කතා. නමුතු ටිකක් හිතන්න මේකට යටින් තියන මානව සංනිවේදනය. මේ දුම මේ කාලකන්නිකම ඇතුලේ එයාගේ ආදරය. එයාගේ කෙල්ල. අම්ම තාත්තා. විෂම ධනේශ්වර සමාජ ක්රමයේ ජය ගන්න බැරි ආදරය. දුක හිතෙනවා මාරසටනම්. දුක වගේම ජීවිතයට පිටින් ඇති අර තාගෝර්ලා චැප්ලින්ලා අයින්ස්ටයින්ලා කිව්ව ආදර කතා තාම ජීවමානයි කියලා සිහිවෙනවා. ආදරෙයි බංගලාදේශ වීදි ඡායාරූපකරණ ශිල්පීන්ට. දවසක් මම සයිමන් එක්ක එයාගේ ගෙදර රූපවාහිනිය බල බල ඉන්නවා. බංගලාදේශ කෙල්ලෝ වගයක් නටන තැනක් එනවා. සයිමන් නවගත්තේගම නැගිටිනවා. නටනවා. මට කියනවා උන් පාරේ යද්දිත් වතුර අදිත්දිත් නටනවා මාරේ කියලා. මට ඒක එයා පෙන්වනවා. මම වාසනාවන්තයෙක්. ඒකයි මාරස කියන්නේ හැම්ලට් කුමාරයාට සයිමන්ව තෝරා නොගැනීම විලියම් කේෂ්පියර්ව ලංකාවට ගේන්න හදපු බන්දුල මහත්තයාට වැරදුන තැන කියලා. මාරස කියන්නේ නැහැ කාටවත් සිගරට් බොන්න කියලා. නමුතු සිගරට්ටුවක් ගහන මිනිහෙකුගේ තියන යටි තලය මාර සංවේදී ආදර කතාවක්. ඒක දකිනකොට නිකන්ම මාරසනම් නිවන් දකිනවා වගේ මොකක්ද වෙනවා. සමහර විට නිවනට කමටහන් අහුවෙනවා ඇති.
www.jagathmarasinghe.com
19 10 2022

1 comments:

Perfect story mare


Powered by Blogger.