බුද්ධ වීරයානෝ!!!

                                                                 බුද්ධ වීරයානෝ!!!

මාරස මගේ අතීතයේ මහා හෘර්දශාක්ෂිය එදා ද සොයිසාරාමයේ විහාරාධිපති මලවැන්න ඤාණාලෝක හාමුදුරුවෝ ගැන ලියනවා. හරි බයෙන් ලියන්නේ. මොකද වචනයක් වැරදුනොත් කෙලින්ම කියනවා තමුසේ මොනවාද ලිව්වේ කියලා. නමුත් ද සොයිසාරාමය සම්බන්ධව ග්රන්ථ දෙකක්ම ප්රකාශනය කරන්න මම දුක්වින්දා. උන්වහන්සේගේ සිරිසුමංගල සිරිනිවාස චරිතාප්රධානය කරන්න පමණක් නොවේ අමරපුර නිකායේ සිරිසුමංගල නායක හාමුදුරුවන් කවුද කියන්නත් දැන වයස විසින් මාරස පත්වෙලා ඇති. නමුත් කිසිකෙනෙක් කතා කරන්නේ නැහැ. ඒක යුගයක හැටි කියලත් ඒ හාමුදුරුවන් වහන්සේ මට කියා දීලා තියනවා. නමුත් වැදගත්ම ගැටලුවක් වෙන්නේ ඒකට සංගීතයක්ද මුසු කිරීමට මාරසට තියන ගාය. මම හොයනවා. මට හම්බ වෙනවා ගීතයක්. ඒක නන්දා කියන එකට වඩා මට පද ටික වදිනවා නැති වෙන්න. මම කෙලින්ම ගාමිණී අයියට කෝල් ගන්නේ නැහැ. අපි දෙන්නගේ සම්බන්ධය මාර සමීපයි. ඒ වගේම දුරස්තයි. ජ්යෝතිෂයේ කියන්නේ රවි නවයේ තිබ්බා වගේ කතාවක්. ඒක වෙනම කතා කරමු. කොහොම නමුතු ගාමිනී අයියගෙන් සන්නිවේදනයක් ගන්නවා මේ සමුද්ර වෙත්තසිංහ චන්දස්ශාස්ත්රය ප්රගුන කරල තියනවාද කියලා. එයා සාමාන්යයෙන් හදාරන පොරක් කියලා කියනවා. එච්චරයි. මම සමුද්රර සමග පෝනයෙන් කතා කරනවා. අහන්නේ එක ප්රශ්නයයි. උපන් වෙලාවයි උපන් තැනයි ලග්නයයි. මට දෙනවා. නමුත් යාන්ත්රික භෞතිකවාදය සහ ඔහු සහ මම දෙයක් විසඳ ගත්තට පස්සේ ඒ ගැන කතා කරමු. මට ගැටලුව තියෙන්නේ මේ ගීතය වස්කවියක්. වස්කවි සෙත්කවි චොකලට් කනවා වගේ ගයන්න නන්දා මාලිනිය දන්නවා කියන්න වයස හැට එකක ඉන්න මාරස නොදන්නවානම් ඒක වෙන මගුලක් වෙනවා.
කොහොම නමුත් සමුද්රයෝ නුඹ භාෂාවේ සම්රද්රයෙක්. අපේ පරපුරේ ආදරය අඩු නැතිව මාරස උඹට දෙනවා. හරිම ලස්සනයි. මානවසිංහයන්ව ජීවත්කරන්න උඹට හැකියි වගේ සිතුනා. කිසිදා නුඹව මට හමුනොවන්න පුලුවන් මේ පුංචි ලංකාවේ. ඒත් ඒකට කමක් නැහැ. හමුවෙලා ඉවරයි මචං.
බුද්ධ රාජ ධර්ම රාජ ශාක්යසිංහයාණෝ
ඝෝර මාර කළ පරාද ධීර වීරයාණෝ
මහා පුරුෂයාණෝ
පුරුෂ නිසභයාණෝ
බින්ද බමුණු මත නිර්භය සතයවාදියාණෝ
සින්ද වහල් බැමි කේසර සිංහ රාජයාණෝ
මිථ්යාවේ යදම් බින්ද අග්රවාදියාණෝ
බුද්ධ වීරයාණෝ
පාරිශුද්ධ ගුණ ශෝභිත ස්වර්ණ හංසයාණෝ
තෘෂ්ණා බලකොටු වැනසූ හස්තිරාජයා⁣ණෝ
නීග්රෝධ පරිමණ්ඩල පරම පුරිසයාණෝ
බුද්ධ වීරයාණෝ!!!!
www.jagathmarasinghe.com
19 10 2022

6
Priyantha Hewage Maathalan, Palitha Thenuwara සහ තව 4


Powered by Blogger.