ඉරට මුවාවෙන් ඉඳගෙන.......!

                ඉරට මුවාවෙන් ඉඳගෙන.......


      කුඩය වනාහීද පුදුමාකාර උපකරණයකි. වර්ෂාවෙන් පින්නෙන් පමණක් නොව අව්වෙන් සෙවන ලැබීමටද ‌කුඩය ප්‍රධාන වශයෙන්ම උපකාරී වේ. ඊට අමතරව වරෙක ආයුධයක් වශයෙන්ද තවත් වරක ශරීර ගණුදෙනුවකට කැමති බව ලිංගික සේවිකාවන්ගේ සංකේතාත්මක දැන්වීමක්සේද කුඩය යොදාගන්නේ අප රටේ පමණක් නොවන වග සයිබර්රස්තියාදුවේදී වගකීමෙන් වටහා ගත හැක. තවද කුඩය වනාහී කලාත්මක උපකරණයකි. සමහර ඡායාරූප ශිල්පීන්ට කුඩ ‌නැතිව වැඩ බැරිය වගේය. පට කුඩ, මුතු කුඩ, කඩන කුඩ, ආදීවශයෙන් අරමුණ සොයන්නේ නැතිව කෙටියෙන් කියනවානම් මේ ඉරට මුවා වී සිටින ඡායාරුපය දුටුවේ "WORLD HUM" වෙබ් පිටුවක තිබූ විදේශිකයෙකුගේ  ශ්‍රී ලාංකිකයන්ගේ ලිංගික ජීවිතය ගැන කතන්දරයක් කියන වෙබ් සටහනකිනි. ශරීර කෘත්‍ය කිරීමට වැසිකිලියක් නැති එළිමහනක මිනිසුන් ඇස් පියාගෙන පරිසරය සමග සිය කෘත්‍ය සිදුකරගන්නවා මෙන් ආදරයේදීද මුහුණු පමණක් කුඩයෙන් ඉරට මුවා කරගත්තාම ආශාවට සාපේක්ෂකව ආරක්ෂාවට ප්‍රමාණවත් සේය. එහෙත් කෝමල ආදරය පිටාර ‌ගොස් ලිංගික ආලය නැග එන විට කුඩයවත් ඇසි පිහාටුවලින්වත් ආරක්ෂාවක් සෙවීමට මනස ඉඩ දෙන්නේ නැත. සියලු ඊගෝ අනාතනාත වන ඒ නිමේශය ගැන නොදන්නා දැනුම තේරුම තියෙන අයෙකු සිටිය නොහැක.
      
      කිසිදු අශීලාචාර භාවයක් නැත. මේ පෙම් යුවලක් හෝ තාවකාලික පෙම්යුවලක්වේවා ඉරට මුවාවෙන් ඉඳගෙන තොත්තු හොයන අරමුණෙන්  පිට කලාපය ගැන ‌කුමක්දෝ අඩුවක් නිර්මාණය කර තිබේ. ඒ පාලුවය. ඒ පාලුව නැතිනම් මේ දෙදෙනා ඉරට මුවා වෙන්නට මේ මුල්ලට එන්නේද නැත.කොළපාට තණ සහ වල් පැලැටි වලින් මිනිසුන් නිතර ‌ගැවසෙන තැනක් නොවන බව තහවුරු වෙයි. කෙනෙකුගේ පාවහන් වලින් එයාගේ පන්තිය කිවහැකි බව කියන ෂර්ලොක් හෝම්ස්ලා ගේ  කතන්දරත් අමතක කළ නොහැක. මේ පාවහන් දැකි විට මේ දෙදෙනාගේ ආර්ථික තත්ත්වය කියන්නට වෙනත් සාධක අවශ්‍ය වන්නේ නැත. තද නිල් සහ ලා නිල් චක්‍රවර්ණ කුඩයේ පෙනුම කාලකන්නි පාලුවක රසිකයාව අතරමං කරයි. ‌ ගරා වැටුන නැවත හදන ගොඩනැගිල්ලක් අභියස කිසිම වර්ණයකින්  වේදනාවක් මිස සතුටක් ජනනය කරන්නේ නැත. නමුත් අප දැක්මෙන් ගැලවෙන්නටද කැමත්තක් නැත. මොනවා හෝ කියන්නට හිතේ. මක් නිසාද ශිල්පියා විසින් සතුට වසා දමා ඇත. නමුත් ඉරට මුවා වී අපට නොපෙනෙන ඔවුන්ගේ ආදර තොත්තුවල සතුට අපේ ඇස්වලට දකින්නට නොලැබේ. කූටප්‍රාප්තියේ ජනප්‍රිය මෙවලමක් බවට ඡායාරූප ශිල්පීන් කුඩ පොටෝ ශානරක්ද මහා පරිමානෙන් කරගෙන යන බව පෙනේ. අනුන්ගේ ලිංගික අභිනයන් හොරෙන් බැලීමට ලැදි හිල්මරන්නෝ කවි ලියන්නේනම් ලබන භවේ මා කුඩයක් වෙලා ඉපදියන් කියන්නත් බැරි නැත. අවසානයේ කුඩය ආදර වන්තයන්ගේ රහස් දත් ජීවමාන අජීවී ගැලවුම් කරුවකු ලෙසද දැකිය හැකිය. මන්ද ආදරවන්තයා සමග පෙම්කළ කාලයේ තිබි කුඩය කාන්තාවන් ආරක්ෂා කරන ආකාර මාරස දැක තිබෙන නිසාය. කෙසේ හෝ ඉරට මුවා වී ආදර තොත්තු ලබන නිමේෂයන් සමග සසඳන විට ආරක්ෂිත නීතිමය තොත්තු පරයා රහස් තොත්තු ජීවිතයේ සතුටේ නිම්වලලු පුළුල් කරනවා ඇත.

ඉරට මුවාවෙන් ඉඳගෙන

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා

පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා
පීදෙන මල් පෙති විහිදා මුකුළු කරනවා
සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ හෙලවෙන තාලෙට රහස්‌ කියනවා

මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගන් ඇද හැලීලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා

* අමරදේව,සේකර ‌සුසංයෝග.....


www.jagathmarasinghe.com
29102022


Powered by Blogger.