වීදියේ සුරතාන්තය දකින බේබද්දන්ගේ කතාව.(i)

                               වීදියේ සුරතාන්තය දකින බේබද්දන්ගේ කතාව.(i)


        ම ාරස සුපුරුදු විදිහට සයිබර් වීදියේ ඇස ගහගෙන යන විට Drunk man lying outdoors. Unconscious person in the street. Poverty and alcoholism. Stock Photo පිටුවේ තිබී මේ වීදි ඡායාරූපය හමුවුනා. ඇස හිටියේ නිකන්ම නොවේ මේ අත්දැකීම් මාරසට සාමාන්‍ය දෙයක් නිසයි. බොහෝ මිනිසුන් ප්‍රතික්ෂේප කරාවි මාරසට කම් කිම්. මේ මිනිස් සාමාජීය ජීවිතයේ එක පෙත්තක් පමණයි. නමුත් මේ ඡායාරූප සඳහා නිර්මිත සමාජ දේශපාලනයත් දාර්ශනික ධර්ම පැත්ත ගත්තම විශ්වීය කතන්දර ගොඩයි. දාර්ශනික තල සහ වික්ටෝරියන් සලාද සදාචාරයේ කුහකත්වය ඇස් ඉදිරි පිටට විත් නාඩගම් නටන්න පටන්ගන්නවා.මේවා විකුනන එක වෙබ් අඩවියක බෙලරුසියාව කියලත් සඳහන් වෙලා තිබ්බ. ඒක ඔස්සේ මාරස අතීතයේ අපේ සාහිත්‍ය දැනුමක් වෙච්ච රුසියාවට මනස පියාඹන්න ඇති. විප්ලවයෙන් පසුවත් රුසියාවට මධුලෝලත්වය සමාජ ප්‍රශ්නයක් උනා.

       මතයක් තියනවා රුසියාවේ ස්ත්‍රීන් තමන්ගේ ස්වාමියා බීමතින් හිමට යටවෙයි කියලා බයේ අවන්හල් තැබෑරුම් අසල මුකරමින් රාත්‍රියේදිත් දුක් විඳිනවා කියලා. සියල්ල පිට යන්න දුන්නේ නැතත් සාහිත්‍යකාමී රුසියාව ගැන අදත් මේතත්වයේ පිමි පැනීම් සයිබර් රස්තියාදුවකදී හමුවෙන අවස්තා එමටයි. මාරසත් මේ අත්දැකීම් වලට මුහුන දීල තියනවා. දවසක් මාරස බීමත් කමින් ඇහැරුනේ මීගමුවේ බස්නැවතුම් පලට ඉදිරියෙන් ඇති දුම්රිය පාරක් ඉදිරිපිට නිවසක මිදුලේ. සිහිය ආපුවාම ඒ ගෙදර කට්ටිය කිව්වා ත්‍රීවිලයක් ඇවිත් කෝච්චි පාරේ ඔයාව දාල ගියා අපි දැක්කා කියලා. තව තව මොහොතකින් කොළඹ කෝච්චිය එන බව දැනගෙන අපි ඔයාව උස්සලා මිදුලට ගත්තා කියලා. බීමත්කමේදි ඇතිවෙන මේ තත්ත්වයට කියන්නේ බ්ලැකවුට් කියලා. ඒක ඇලපති වෙද්‍ය විද්‍යාවෙන් ඇල්කොහොලික් කෝමා සිට ඩිප්ප්‍රෙෂන් දක්වා විග්‍රහකරලා තියනවා. කොහොම නමුත් ඒ අවස්ථාවේ හිතුනේ ඒ ත්‍රීවීල් කාරයාව හොයලා මරන්න. නමත් පයින්ම ගිහින් තවත් ෂොට් එකක් දාගත්තට පස්සේ හිතෙන්න ඇත්තේ මගේ අතින් වරදක් වෙන්න ඇති සමාවෙයන් කියලා ඒ මනුස්සයව ඉඹින්න. ඒත් මිනිහව හොය හොයා යද්දි එයා දුවන්න හැංගෙන්න ඇති. ඒක වෙනම සාමකාමී ලෝකයක්. සිවිල් කුහක ලෝකයක් නොවේ බේබදුලෝකය කියන්නේ. සියල්ල පැත්කින් තියලා නිදහසේ ගුරුත්වයෙන් මිදෙන ආදර යෝගයක්. ඒක දඩමීමාකරන් අපරාධ කරන කුහකයෝ කියන්නේ මධුලෝලීන්ට අපහාස කරන නරුමයෝ කියලා කැතකතුන්ගේ පොතේ ලියලා ඇති.

   සම්ප්‍රධායික වෙද්‍යය ක්‍රමයෙන් සහ ආයුර්වේදීය වෙද්‍ය ක්‍රමයෙන් මදිරා බාදය කියලා චරක සංහිතාව පොතේ ඉතා දාර්ශනික දිග විස්තරයක් තියනවා. එහි ඩිප්ප්‍රෙෂන් යන්න රත්පිත් උන්මාදය යටතේ කතා කරලා තියනවා. මේ සම්බන්ධව දේශපාලනිකව කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව ග්‍රන්තයේ මධුලෝලත්වයේ ව්‍යාකර්ණ අර්බුදය උප පරිච්චේදයක් යටතේ මාරසත් කතා කරලා තියනවා.

     නමුත් මේවගේ අසරණත්වයන් නොව මධුලෝලී සුරතාන්තයේ සාමාන්‍ය සිවිල් සමාජයට සෙට් නොවන අවස්ථාවන් භෞතිකවම ආලෝකයෙන් දඩයම් කරගන්න වීදි ඡායාරූප ශිල්පීන් සමත් වෙලා තියනවා. සයිබර් රස්තියාදුවක් ආදරයෙන් කරනකොට ඒවගේ දස දහස් ආදරණීය රූප රාමු අපට බලා ගන්න පුළුවන්. බලන අමද්‍යපයන්ට සහ සදාචාවාදීන්ට මේකෙන් පිළිකුල් රසයක් ජනිත වීම අනිවාර්යක්. ආගමික දෘෂ්ටවාදීන්ට කර්මය හෝ දේවත්වය සිහිවේවි. මිනිස්සු අනේ පව් කියාවි. නමුත් බේබද්දාගේ සුරතාන්තයක ඒක පැති කඩක්. රසායනිකව හරි ඒකා මහපාරක ඒකාට අනුව සත්‍යාවබෝධයට පත්වෙලා වගේ. බේබදුකමේ භෞතික මානසික චලිතය තමා කාල අවකාශය වේගයෙන් චලිත වීම. ඒ ගැන වෙනම ලියන්නම්

      මේ ඡායාරූප ශානරයත් වෙනම කතාවක්. ඒක ගැන ලියාගෙන‌ යන්න තව බොහෝදේ තියනවා. සිවිල් සමාජයේ වික්ටෝරියන් කතන්දර සත පහකට පිළිගන්නේ නැති බැවින් බේබද්දන් කියන්නෙත් වෙනම ජීවිත සාරයක පංගුකාරයෝ. ඒව ආලෝකයෙන් දඩම් කරන වීදි ඡායාරූප ශානරයට අයත් ශිල්පියෝ කියන්නෙත් වෙනස සිතීමක් ඇති ආලෝකයේ අඳුර තුල ආලෝකය වෙනස්ව දකින පිරිසක්. වීදියක පලල තිබ්බත් දිග අපරිමිතයි. කවදාවත් අපට වීදියක අවසානයක් දකින්න බැහැ. නමුත් සැමතැනක්ම අවසානයක් කියලා විස්තර කරගන්නත් පුළුවන්. වීදි ඡායාරූප කියන්නේත් ඒකම වගේ. අවසානයක් නැති ආලෝක දඩයම්. ජීවිතය කියන්නේ පුදුම දෙයක්නෙවේ. ජීවිතයම තමා.

(මහගම සේකර කවියා, සුප්රකට රූබයියාට් පද්ය දෙකක් සිංහලට නගන්නේ මෙපරිද්දෙනි. සීගිරි කුරුටුගීද අනුදකින බව දැනේ.)
“අවන්හලේ දොරකඩ ළඟ උන්නෝ
කුකුළා හඬලන කල මොර දුන්නෝ
“ඇරපන් දොර, ටික දවසයි ඉන්නේ
ගියාට පසු නෑ ආපසු එන්නේ”
“මී විත පුරවන්
පසුතැවිල්ල නම්
සීත කාලයේ ඇඳුම අරන්
වසන්තයේ ගිනි මැලයට ලා,
අන්න බලාපන්
කාල ලිහිණියා
පියාඹලා යනවා.
පියාඹන්ට තව ඌට තියෙන්නේ
ඉතාම ටික දුරකුයි”
“අනග්රි මිහිද්මි ලිතිම්
බදින් කිසෙස් බෙයන්ද්හි රන්වනුන් දුටුවො
ළද පියො වුර් දකුත් දකුත්
ඔවුන් නිසසල නුයුනට”

www.jagathmarasinghe.com

08 10 2022





Powered by Blogger.