මහා පුරුෂ ඒක කේන්ද්‍රීය දැක්ම සහ චලලෝචනියන්ගේ චංචල දෘෂ්ටිය

   මහා පුරුෂ ඒක කේන්ද්රීය දැක්ම සහ චලලෝචනියන්ගේ චංචල දෘෂ්ටිය

*මහා පුරුෂ ඒක කේන්ද්රීය දැක්ම සහ චලලෝචනියන්ගේ චංචල දෘෂ්ටිය.*
මාරස ජීවිතය විඳපල්ලා හෝ විඳපන් මචං කියා කිසිවෙකුට බල කරන්නේ නැහැ නොව එසේ කරන්නට සිතෙන්නේවත් නැත. මක් නිසාද විඳවනවා කියන්නේද විඳීමක් තමා කියන්නට භරතමුනිලාට ඇරිස්ටෝටල්ලාගේ රසවාදයට සහ කාව්ය ශාස්ත්රයට ලියන්නට අමතක වූයේ නැත. එදා විඳවීම වේදනාවකි. නමතු සමාජ ගමනේ අද විඳවීම ආතල් බවට පත්වී හමාරය. ඒ ගැන වෙනම කතා කළ යුතුය.
ජර්මනිය අපටද සම්බන්ධය. බුදුන්ටද නෑකම් ඇත. ආර්යන්ගේ ගමන ළඟකදී කියෙව්වේ නැති වුවද මතකයෙන් ගිලිහී යන්නේ නැත්තේ බුදුනුවන්ද ආර්යන්ගේ නෑකමට හිමිකම් කියන නිසා වන්නටද පුළුවන. නොවන්නටද පුළුවන. විජය රජද එසේමය. අවසානයේ රුහුණු, පිහිටි, මායා නමින් වෙන්වී තිබි මුලු රාජ්යම ආර්යන්ට නෑකම් කීමට සැලැස්වූයේ විජය රජුදැයි ඇසීමට මහාවංශයේ මහ මොළකරු හමුවීමට මාරස සිත දියුණු කර නැත. දියුණු කරන්නට බලාපොරොත්තුවක්ද නැත. බැරිදේවල් කරන්නට අත්හදා බැලූ කාලය දැන් වයස විසින් හමාර කර ඇත.
මේ ඡායාරූපය ඇහිඳ ගත්තේ zun lee photography නම් ‌ජර්මන් ඡායාරූප ශිල්පියෙකුගේ වෙබයකිනි. සයිබර් වීදි රස්තියාදුවේ සතුට මාරස අපමන ලෙස විඳිමි. සැබෑවටම වීදි ඡායාරූප දෙස බලන විට නිවන සිහි නොවන්නේ නිවන් දැකීමේ විකල්පයක් ඒ ඡායාරූප ශානරයේ ඇති නිසාදෝයි සිතෙන කර්මයන් නැත්තාද නොවේ.
කාල්මාක්ස්ලා, බ්රෙෂ්ට්ලා, හිට්ලර්ලා පවා ජර්මණියේය. ඒකලාගේ ඉතිහාසය මාරය. ඒවා කලාපය. මාක්ස්ලාගේ කාල අවකාශ නියාමයන්නම් කිසිවිටක සිතෙන් බැහැර කළ නොහැකිය. කාල අවකාශ නියාමයන් වනාහී වීශ්වීය ජ්යෝතිෂයේ ප්රතිබිම්බයක්ම වන්නේය.
මේ ඡායාරූපය දෙස බලන්න. නියමිත තැනක බලන ඇසින් වමේ සිගරට්ටුවක් උරන පුරුෂයකි. සාමාන්යයෙන් ජර්මනියේ පුරුෂයන්ට පුරුෂත්වයේ සංකේතීය ස්වරූපයක් ඇත්තේ කෙසේද යන්න වෙනම හැදෑරිය යුත්තකි. නමුදු ඒකා සිගරට්ටුවක් උරමින් තමාගේ පෞරෂත්වය තවත් ඔප්නංවා ගනිමින් බලා සිටින්නේ කොයි ගැහැනිය දෙසද?
ඡායාරූපය නම්කර ඇත්තේ "අරයා ඔයා දිහා බලනවා" කියාය. ඒ කවුද කියා අපි අතරමන් වේ. ගණිකාවන්ද නැතිනම් ලෙස්බියන්ලා දෙදෙනෙක්ද එසේත් නොමැතිනම් අතර මග වෙනත් යමක්ද යන ප්රශ්න ජාලාවක අපව මේ වීදි ඡායාරූපය පටලවා අතහැර ඇත. වීදි ඡායාරූපකරණ ශිල්ප ශානරයේ ප්රධාන හැඟීම් දැනවීමේ සීමාව ප්රශ්න කිරීමකින් ආලෝක දඩයම අවසන් වන්නේ කූටප්රාප්තිය අනෙකුත් කලා ශානර වලටත් වඩා මිනි තප්පරයකින් ජයගනිමිනි.

කෙසේ උවද ජර්මානුවන්ගේ ඇති ආත්මිය විදිහ වන් ස්ත්රිය සහ පුරුෂයාගේ විභවයන් සම්බන්ධව මේ ඡායාරූපයෙන්ද මරා නොව සාද් ඈපානන්වද සිහිවනවා සේය. එයා අප දෙස බලනවා නොව අපි එයා දෙස බලනවා කියාද කිව හැකිය. වඩාත්ම ලස්සන වන්නේ වනචර බැල්මක් හෝ තොරාගැනීමේ බැල්මක් වුවද කුමන යක්ෂ බැල්මක් වුවද ඒ දේව බැල්මක්සේ රසිකයාගේ දෘෂ්ටිවිතාන පිටපත මොළයට සංවේදී කරන නිසාය. බී, ඩී, එස්, එම් ලිංගික න්යායන් වල මෙන්ම මේ ඡායාරූපයේද ආදරයක් හොරෙන් පිටාර ගැලීමේ ගුප්ත භාවය යනු කුමක්ද? අප ජීවිතයේ සතුට කියා ස්ත්රියක් දුටු විගසම පුරුෂ මනස ආලෝකය මනසින් පරාවර්තනය කර ආත්මීය ආලෝකයකින් විඳින්නේ එයමද? ස්ත්රීන්ද එසේම උවද ඒ දෙකෙහි පරතරය මිමිමකටත් පිටින් රික්තකයක් වන්නේ කෙසේද? ඒවා ආලෝකයෙන් දඩයම් කිරීම සහ අහඹුව ඊට ආධාර කිරීම ‌විශ්මිත නොවන්නේද? මේ දඩයම කරගන ඇත්තේද එසේ මෙසේ ශිල්පියෙක්ම නොවන්නේය. ආදරෙයි ජර්මානුවනේ අපේ ආර්ය අනියම් නෑදෑකමට.
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
නෙළුම් මලක් ද නිල් විලේ
නැවුම් සුළං ද ලෝ තලේ
මුවැත්තියක්ද මහ කැලේ
කැළුම් ද චන්ද්ර මණ්ඩලේ
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
රුවක් ද ගල් කුලේ නෙළූ
ගඟක් ද සීගලේ ගැලූ
වැලක් ද සල් ගසේ වෙළූ
සුගන්දයක්ද සිත්කළු
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
කියන්න කවුද ඔබ කියා
අහන්න උනිමි සොය සොයා
www.jagathmarasinghe.com
16 10 2022


Powered by Blogger.