ආදරයට තියෙන්නේ ඇස් හතරයි තමා.

 

ආදරයට තියෙන්නේ ඇස් හතරයි තමා.
Eolo Perfido කියන්නේ ඉතාලියේ රෝමයේ ආලෝක වෙඩික්කාරයෙක්. ඇස හිටියා. අප්පේ අපට මේවා අපේ ජීවිත කාලයේ වද දුන් සිදුවීම් අනන්තයි අප්රමානයි. බස් රථ වල පිටුපස ආසනවල මල්වතු වල සිනමා ශාලා වල කොතරම් අපි පරිස්සමින් ආදරය බෙදා ගන්නට ඇතිද? අද කොල්ලන්ට කෙල්ලන්ට එච්චර ප්රශ්නයක් නැහැ. නව වෙළඳපොල යටතේ අඩුගානට රූම් තියනවානේ හැම තැනම. ඒ කොයික තිබ්බත් ආදරවන්තියට ආදරේ නාමයෙන් කිස් ඒකක් දෙන්නේ කොතනද කියන කතන්දරය තේරෙන්නේ ස්වභාවිකව. සිය දහස් ගණනක් ජනතාව සිටියත් ආදරයේ සෙනහසට ලිංගිකත්වය කියන්නේත් ආදරයම තමා. ඒක නිකන් මාර්ගපල තත්ත්වයක් වගේ දෙයක්. ත්රන්ත්රයාන ධර්ම වල පමණක් නොවේ තේරවාද කතා වලද උදාහරණ බහුල බව පිරිවෙන් ගුරුවරයෙක් වූ මා අත්දැකීම් වලින්ම දන්නවා. මීරිගම ගෝතම හාමුදුරුවන්ගේ කිරිමුට්ටිය ‌ගගේ ගියා කියන හාමුදුරුවරුන්ගේ ආදර නවකතාව ලියපු හාමුදුරුවන් මම උගන්නපු පිරිවෙනේ පරිවෙණාධිපති විදිහට හිටියා. අනේ මතක්වෙනකොට ආසයි. ඒ සිරිසුමංගන සිරිනිවාස පිරිවෙණ. ආදරය කියන්නේ භාවනාවක්. අර ඕෂෝ කියනවා වගේ බුද්ධගෙයි යසෝධරාගෙයි ආදරය කියන්නේ මාරයි. ඉසුරුමුණි පෙම්යුවල දැක ඇති කිසිවෙක් ආදරයට නිසි තැනක ආදරය ප්රකාශ ක රන්න මැලි වෙන්නේ නැහැ. නමුත් පරිස්සම් වෙන්න දෙයක් නැහැ. වීදි ඡායාරූප ශිල්පියෝ අවධියෙන්. උන් කරන්නේ ආදරය ආලෝක දඩයෙමෙන්ම බෙදා දාන එකමයි. වීදි ඡායාරූප හිල්පියෝ කියන්නේ ආදරයටත් එපිටන් ජීවිතයට ආදරය කරන පිරිසක් තමා. 

www.jagathmarasinghe.com
01 10 2022


Powered by Blogger.