කැමරාවේ සහ පින්සලයේ ආදරය (Love of the camera and the brush)

  කැමරාවේ සහ පින්සලයේ ආදරය

මාරසත් 60 දශකයේ ඉපදුන තරුණවිය දේශපාලනය සහ කලාව සම්බන්ධව ජීවිතයෙන්ම කැපවුනාටත් වඩා කැපවෙන්න සිද්ධ වුන 80 දශකය කියලා පාරම්බෑ හැකි පරපරක කස්ටියක්. ඒකත් හරියට අර 60 දශකයේ තරුණ අපේ කට්ටියට වඩා වෙනස් වෙන්නේ ජීවිත පූජාවක් අර ටිබෙට් ත්රාන්ත්රික හාමුදුරුවරු ගිනිතියාගන්වා වගේ පටන්ගත් නිසා වෙන්න ඇති. අපේ කට්ටිය දෙමල සිංහල ගොඩක් අය මැරුනා නෙවේ මරලා පුච්චලා දාපු යුගයක් මාරස නියෝජනය කරනවා. නමුත් නොමැරී බෝනස් එකට ජීවත්වෙන අපි මළ මිනිස්සු වගේ ජීවත්වෙනවා. අපිව තාම මැරුවේ නැහැ. වධකාගාර වලට වඩා මේ සමාජ ක්රමය වද දෙනවා. අපි නොමැරි ඉන්නේ ඇත්තටම කලාවට තිබ්බ ආදරය නිසාමයි. බඩ ගින්නත් නිවෙන්න කලා කෘතියක් දැක්කම ඇති.

මේ ආලේඛ්ය චිත්රය දැක්කම මාරසට වැදුන හැම ගැහැනියක්ම සිහි වුනා වගේ. ඇත්ත. හැම ගැහැනියක්ම පිරිමින්ට ලස්සනයි. කුහක කමට කියන්නේ නැහැ නෙවේ තමන්ගේ ලිංගික ආශාවන්ට වර්ග කරලා අනාතනාත වෙනවා. නමුත් මාරස හදවත හංගන්න කැමති නැහැ. මේ ජීවමාන ගැහැනියක්ද? තෙල්සායම් වලින් හැකිද අපේ ජීවිතයට බලපෑමක් කරන්න. බලන් ඉන්න. ඔබේ ආදරවන්තිය විතරක් නෙවේ ලෝකේ ඉන්න හැම කාන්තාවක්ම මේකි තෙල්සායම් වලින් ජයගත්තා වගේ නෙවේ ජය අරන්. තව ගොඩක් තියනවා. නිවාඩු වෙලාවක ඔයාලත් සයිබර් රස්තියාදුවක් දාල බලන්න.
හාඩින් මේයර්ගේ හොල්මන් තෙල් ඡායාරූප අපගේ ආත්මයට ජනේල කෙරෙහි අවධානය යොමු කරයි (Haunting oil portraits by Harding Meyer that focus on the windows to our souls) වෙබ් පිටුවක් හමුවුනේ සයිබර් රස්තියාදුවේ කළකිරුණ මොහොතක. මේකිව දැක්කම ඒ සියල්ල වෙනස් වුනා. නමුත් මෙවන් එකියක් ලෝකේ කොහේවත් නැහැ කියලා හිතුනම බුදුනුවන්ව තමා මතක් වෙන්නේ. කොටින්ම අපි චිත්රකලාවෙන් විඳින සතුට කියන්නේ නිරාමිස සතුටක්. ආලේඛ්ය ඡායාරූපයක අපිට ඒකිගේ ඉතිහාසය හොයන් යන්න හැකියි. නමුත් චිත්රශිල්පීය ආලේඛ්ය චිත්රයක් කියන්නේ හිර ගෙයක් නෙවේ භාවනා අසපුවක්. මේ සුසංවේදී කලා ශානර දෙකේම, ඒ කියන්නේ ඡායාරුප කලාවේත් චිත්රකලාවේත් සම්බන්ධය කියන්න වචන මාරස ශබ්ද කෝෂයේ නැහැ. අම්මයි තාත්තයි වගේමත් කියන්න බැහැ. කොටින්ම බෙදුම් රේකාවක් ගහන්න තැනක් මාරසටනම් නැහැ. ඒක තමා සදහටම ඇත්ත නෙවේ සැබෑව. ආදරෙයි.
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට,
තිත්ත පැටව් උඩ පැන නැටුවා ....
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලෙන් විදුලිය කෙටුවා ....
කිව්වට වස් නැත, නිල් නිල් පාටින්, කටරොළු මල් වැට වට කෙරුවා ....
තුන් දවසක් අමනාපෙන් සිටි කළු,
නොක්කාඩු බැල්මෙන් බැළුවා .....
"ගල මතුපිට මල පිපෙන්න,
මල වට බඹරිඳු නටන්න,
වැහිවැහැලා ගඟ පිරෙන්න,
ගඟ උතුරා හිත පිරෙන්න..."
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්......
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
තනුව- පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය- මහගමසේකර
නව සංගීත අධ්යක්ෂණය- ස්ටැන්ලි පීරිස්
www.jagathmarasinghe.com
09 10 2022

1 comments:


Powered by Blogger.