ආදරය යනු ඒකත්වයම නොවන්නේමය

                                     ආදරය යනු ඒකත්වයම නොවන්නේමය


             ගුල්නාරා යනු ටාටාර්හි උපන් ඇමරිකානු ලලිත කලා සහ වීදි ඡායාරූප ශිල්පියෙකි.ඇගේ උපන් රුසියාවේ ඇය ඡායාරූප ගුරුවරියක් වූ අතර වාර්තාමය සහ සංකල්පීය ඡායාරූපකරණය පිළිබඳ විශේෂඥවරියකි. 1992 දී නිව් යෝර්ක් නගරයට යාමට පෙර ගුල්නාරා අගනුවර වන උපා හි උපත ලැබූ බෂ්කෝර්ටෝස්තාන් ස්වයං පාලන ජනරජයේ එකම කාන්තා ලලිත කලා ඡායාරූප ශිල්පිනය විය. ගුල්නාරා 1989 දී මොස්කව්හි ගිල්බට් සහ ජෝර්ජ් ප්‍රදර්ශනයක් නැරඹීමෙන් පසු ඇගේ ඡායාරූප අතින් වර්ණ ගැන්වීමට පටන් ගත්තාය. ඔවුන්ගේ සුවිශේෂී ඡායාරූපකරණ ක්‍රමය සෝවියට් සංගමයේ ජීවිතය පිළිබඳ ඇගේ පින්තූරවල සැඟවී ඇති දේ ප්‍රකාශ කිරීමට ඇයට අවසර ලබා දුන්නේය. ඇයගේ කාර්යය නොසලකා හරින ලද වැඩිහිටියන්, තනි මව්වරුන්, වායු දූෂණය සහ ඒඩ්ස් ඇතුළු ගැටළු ගවේෂණය කරයි. ගුල්නාරා සෝවියට් සංගමයේ ඡායාරූපකරණය, තෙල් පින්තාරු කිරීම සහ කොලෙජ් මිශ්‍ර කළ පළමු කලාකරුවන්ගෙන් කෙනෙකි.

                       මන්දා ගුල්නාරා නුඹ මාරසව කිසිදා හමුවේ කියලා නුඹ හිතුවත් හිතන්නට දෙයක් නැති නිසාත් නුඹලා එසේ සිතුවාත් අප අපරටේ චින්තනයත් පංති වලට ගිහින් ඉගෙන ගත්තේ නැහැ. නැහැ නැහැ ගුල් මාරස කියන්නේ රුසියාව නැවත මොකක්දෙකක් හොයාගන්නවා කියන්න නුඹලා අපට පහනක් මෙන් කියලයි.

              මාරස දන්නවා ඔබ ගියා රුසියාව දමා (අතහැර නොවේ) ඇමරිකාවට. මාරස සයිබර් රස්තියාදුවේ යනවා. මාරසට වීදි ඡායාරූපය කියන්නේ මගේ අම්මා පුතා බිරිඳ හෝ අන් කිසිවක්ද? කවුරු හරි මාරසින් ඇහැව්වොත් දෙන කෙටි උත්තරය මේකයි " දන්නේ නැහැ." මම 

              ඒ ගැන තමා මේ ඡායාරූපයට හිත යන්න ඇත්තේ. මේ ඡායාරූපයේ ඉන්නේ ලෝකයම දැක්කත් අහක බලාගෙන යන රූප රාමුවක්. ගුල්නාරා කියනවා මම දොර අස්සෙන් ගහලා මේක ගත්තා කියලා තාම අඳෝනාවල් කියනවා. මට ගුරුගීතය නෙවේ වෙනත් දේවල්ද සිහිවුනත් අද පවතින්නේ අධිරාජ්‍ය සටනක් වචනයකින්වත් උදව් නැහැ. නමුතු ගුල්නාරා ඔයා මාරයි. ඔයා කොහොමද රුසියාවෙන් ඇමරිකාව වන් රට වලට ගොස් මෙහෙම චිත්‍රශිල්පය අඳිනවාටත් පිටින් ඊට ප්‍රති විරෝධී අදහස් දෙන්නේ. දන්නේ නැහැ නුඹ කොහේ ඉන්නවාද කියලා ගුල්නානාරා. අපි කාලයක් බලා සිටියා. කොටින්ම ප්‍රේමයෙන් පැරදී ආන්යා එනකන් අඬ අඩා බලා සිටියේ මම විතරක් නොවේ. 

                   මේ ඡායාරූපය ගුල්නාරා ගේ වෙබයෙන් ගත් එකක්. අපේ ආදර පොටෝ  ඒකි සෝවියට් රුසියාවේ ඉඳන් ඇමරිකා ඇවිත් ගියගමනේ සන්දියකදි ඇවිත් ආවා නෑ වගේ ගියා වගේ සටහන් තියනවා. අහම්බෙන් ගැහැව්වා මේ වීදි ඡායාරූපයක කේඩරට වැඩෙන දඩයම.

තේරෙනවා. අපි දන්නවා කාමාතිපුරේ සිට ලංකාවේ වතු සංස්කෘතිය ගැන නොවේ අති දියුනු මාකස් වාදින් කියාගන්නා උනගේ පිලිකනුත්.

කොහොමත් ගුල්නාරා සිය කැමරාව ලෑස්ති කරගෙන ඉවසීමෙන් මේ ‌ආලෝක දඩයම කරන්න ඇති.

කාල වර්ණය මාරයි.දරුවෙක් හදනවා. ඒ තමන්ගේ දරුවා. ජීවිතය කියන්නේ මොකක්දවත් අහගන්න නැති ජීවිත. නමුත් එක පාට මේක අර රුසියානුව වූ ගුල්නාරා දකිනවා. ගුල්නාරා රුසියාවෙන් පිට ගිහින්. නමුත් ඒ දරුවා නිසා ඒකි ජීවිතය වෙනස් කළා කියලා කියනවා. නමුත් ගංජා වගේ සුරුට්ටුවක් ඇදමින් සිය දරුවාව පැත්තකට දමා සිටින මේ ගුල් ගත්ත ‌ඡායාරූපයට දාල තියන නම තමා මැඩෝනා.

           මැඩෝනා කිව්ව ගමන් ඒක සෙක්ස්. තවත් පැත්තකින් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන්නෙත් සෙක්ස්ම තමා. මොකද පස්කම් සැප කියන මහා පුරුෂ වචන නොවේ සෙක්ස් කියන්නේ ජීවිතය. ආදරය. පැවැත්ම. ඉතින් මේ ගුල් මේ පොටෝවට  දාන නමේ තේරූම දන්නවාද

         ලෝකයට සාමය දුන් ක්‍රිස්තුස්වහන්සේගේ දේව මෑනියන්ටත් කියන්නේ මැඩෝනා කියලා. මැඩෝනා කියන්නේ මරිය තුමී. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අම්මද? නිකන් අපට කියන්න බැහැ ඒ ගැන විස්තර. ඒ මානසික අති විශේෂිත ඊගෝවක්. අපි ඒක එතනින් කල් දාලා ඉදිරියට යමු

          මැඩෝනා කියන නාමය මාරයි. දරුවෝ නැතිව දරුවන්ට ආදරය කරන දේව මෑනියෝ. අපට පත්තිනි මෑනියෝ වගේම එයාලාටත් දේව මෑනියෝ. යසෝධරා එතකොට කවුද? පසුවට ලියන්නම්. කෙසේ නමුත් රුසියානු ඡායාරූප සහෘදනිය. ඔයා මේ වගේ දේ කර මිනිසුන් සමග පෙනී සිටින කතන්දරය මාරයි. අසාධාරණයට විරුද්ධව සටන කොතැනදිද ගුල්නාරා අපි එතනදී හමු වෙයි.

වැල් පාලමේ ගීතය
හෙල ගැඹුරුයි... පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේදෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
www.jagathmarasinghe.com
26 10 2022



Powered by Blogger.