ආදරය සුදු පාටයි.

                                                   ආදරය සුදු පාටයි. 

Cos'é street photography per me? යන පිටුවකින් මේ වීදි ඡායාරූපය මාරසට ඇස හිටියා. මේ ඡායාරූපය ඇසට වදින්නේ තනිකරම සුදු පාටින්. බලන්න පසුබිමේ සිටින සියලු චරිත කලුපාටින්. නමුත් මේකි ඉන්නේ සුදු ගහගෙන. ඡායාරූප ශිල්පියගේ සෙක්ස් මතුවෙන්නේ මෙරුන් රතුවලින් නොවනවා ඇති . සුදින් වෙන්නැතිද කියලා හිතුනේ නිකම්ම නොවේ. සුදු කියන්නේ භාවනාවක්. සුදු පිරිසිදුයි කියල තමා මිනිස්සු සලකන්නේ. පස්සේ සුදු කලාකාරයෝ වනසනවා වර්ණ වලින්. වනසලා කියනවා භාවනාව තියෙන්නේ එතන නෙවේ මෙතන කියලා. අන්තිමට ඒක පිළිඅරන් අපිත් සුදු වර්ණ වලින් වනසනවා. අන්තිමට වයසින් පරිනත වෙනකොට ගාපු සායම් ඔක්කොම මකලා සුදු බලන්න හදනවා. මාරසට මතක්වෙනවා සරත්චන්ද්‍රයන් මහා නාටක කරලා අවසානයේදි විශ්ව විද්‍යාල කොලු කුරුට්ටන් රැලක් වට කරන් කිරිමුට්ටිය ගඟේ ගියා කියලා නාටකයක් කරනවා. ඉතා හොඳින් මතකයි. ඒකටත් විකාර පේරාදෙනි ගුරුකුලය විතරක් නෙවේ අද නූතනවාදීන් ‌වගේ පෙන්වන්න හදන උන්ද වැනුවා. කෙලින්ම මාරසටනම් හිතෙන්නේ හැමෝම වගේ අවසානයේ නිර්මාණ ශිල්පියෝ සුදු හොයාගෙන යනවා වගේ. වෙන මොකටවත් නෙවේ භාවනා කරන්න. මහා විප්ලවීය චරිත අවසානයේ තන්ත්‍රයට ගොස් නැතිනම් ප්‍රඥාමාර්ගයේ භගමනියේ රතුපාට සුදුවල තියනවාද කියලා ආගමික වන තැනක්. ඒ ගැන ලියන්න ගියොත් මාරසට ජීවිත කාලයම ලිය ලියා ඉන්න වෙනවා.
මාරසට මේ වීදි ඡායාරූපය හදවතට මොලයට දෙකටම එක පාර වැදුනේ කොතනින්ද. අනික කලුපාට පිරිවරා සුදු ඇඳගත් මේකි ඉන්නේ පෞද්ගලිකව කතා කළ හැකි පොදු දුරකතන සන්නිවේදකයක් ඉදිරිපිට. දනිස් දෙක එලියට ඇවිත්. එතනත් කළු කරලා අවසානයේ සුදුම සුදු වලින් වැසී තියන ‌ආදර යෝනියට මේ ඡායාරූප ශිල්පියා ඇඟිල්ලෙන් ඇනලා පෙන්වනවා වගේ.වටේ හැම තැනම සිග්නල්. නමුත් ‌සුදු පිරිවට ඇඳන් තියන මේකිට සිග්නල් නැහැ. කඩාගෙන යනවා. සමහර විට ආදරවන්තය මග ඇති. ඒකට කොහොම පෙනේවිද මේකිව.
මාරසත් අතීතයට ගියා. කොටුව මල්වත්ත පාරෙ සවස 05 වෙනකොට රැවුල වවාගත් බිමබලා යන පිස්සෙක් ඔලුව උස්සන් බලාගෙන ඉන්න ඇති. එයාගේ සුදුම සුදු පාට චූටි එනකන්. එයා එන්න ඇති. කලුපාටත් රතුපාටත් සුදු විදිහට බුක්ති විඳින්න ඇති. අවසානයේ එදා තිබි මජර දේශපාලනයේ මර්ධනය හමුවේ ඒ සුදින් වැසුන දෙපා මැඩලින් ගහනවා වගේ වෙව්ලන්න ඇති. අපි වෙන් වෙන්න ඇති. මොනතරම් මතවාද වලින් වෙන්වුනත් අතීත රූපරාමු වලින් වෙන් වෙන්න බැරි මේ වීදි ඡායාරූප ශානරය හන්දයි. මාරසට මේ සුදු ඇඳන් පින්තූර රාමුවේ ඒකි නැවත මාරසව අසූව දශකයේ මල්වත්ත පාරට අරන් ගියා වගේ. කාටත් ඒක එහෙම තමා.
ආදරය කියන්නේ සුදුයි. එකක් කැඩිල ගියත් තවත් එකකට යද්දි පළමු වතාවේ පින්තාරු කරපුවා මකාගන්නවා. මකාගෙන තමා තවත් ආදරයක් පටන් ගන්නේ. මාරසගේ මිතුරෙක් පසුගිය කාලෙක මිනිස්සු දෙන්නෙක්ට ශරීරයෙන්ම ආදරය කරපු කෙල්ලක්ව කසාද බැන්දා. ඒකි රමනයට ඇවිත් තියෙන්නේ රතු පාට ගවුමක් ඇඳන්. ඇත්ත. කවුරුන් කන්‍යා සිවිය භෞතිකව කඩා දැම්මත් ආදරයේ කන්‍යාසිවිය ඒකිලා තියන් ඉන්නවා කවදා හරි ලැබෙන ආදරයට දෝතින් පුද කරන්න. රතුපාට කන්‍යා සිවිය වගේ නෙවේ සුදුපාට කන්‍යාසිවිය. රතුපාට කන්‍යාසිවිය ලිංගිකත්වයේ වේදාව සතුටක් කර ගැනීමේ කන්‍යාසිවිය වගේ. සුදුපාට කන්‍යාසිවිය කියන්නේ උත්තරීතර ආදරයේ කන්‍යා සිවිය. තවමත් වීදියක් දැක්කම මාරස සොයන්නේ රතුපාට නෙවේ. සුදුම සුදුපාට. කොහොමත් සුදුපාට කියන්නේ අත්හැරීමේ පාටක් කියලා මාරස කියන්නේ නැහැ. ‌සුදු කියන්නේ වෙන්වීමේ පාටක්. වෙන්වෙලා නැවත පටන් අරන් අපට පුළුවන් වර්ණ වලින් සුදුපාට කැත කරන්න.
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
www.jagathmarasinghe.com
26 10 2022






Powered by Blogger.