The Planets : 2022 ( 2022 ග්‍රහ චලිතය)

 

              2020 ජනවාරි24 සෙනසුරු නම් ග්‍රහ සංකල්පය ධනු රාශියේ සිට මකර රාශියට මාරු වුනා. මිනිසාගේ අතීත පූර්දර්ශ ගැන බොහෝ දෙනෙක් තමන්ගේ මතවාද වෙනසකට ලක්කරන ලද්දේ දේශපාලනයටත් ඊට පිටින් දශමයක්වත් යන්න බැරි වුන නිසයි. දැන් 2023 ජනවාරි 17 පැය 18 මිනිත්තු 03ට මකරෙන් කුම්භයට මාරු වෙනවා. ජීවිත කාලය මකරාගේ ගින්දර සහ සෙනසුරාගේ වියලි බව සම්බන්ධව මිනිසාගේ සිතීම්  ලෝකයම කරකවලා උඩ දැම්මා කියලා සමහරෙක් කෙලින්මද තවත් සමහරෙක් රහසින්ද හිතන්නට වූ බව සැබෑවක්. කොහොම කොහොම හරි ජනවාරි 17න් පසු එයා ඊලග රාශිය වෙච්ච කුම්භයට මාරුවෙනවා. ඒකත් සෙනසුරුට අයිති රාශියක්. නමුත් ගැටලුකාරී තත්ත්වයන්ගේ ස්වභාවය වෙනස් විය යුතුයි. මොකද සෙනසුරුගේ රාශියක් කුම්භය උනත් කළයක් සහ ජලය සංකේතවත් ඒ නිමේශය ශනිගේ මකර රාශිය තරම් මිනිසාට අනිත්‍යය අවබෝධ කිරීමට දක්ෂ වෙන්නේ නැහැ. 
        ඉතින් මේ ගමන අවසාන කරමින් ඉන්න සෙනසුරා තමාගේ පථයේ ගමන්ගන්න ආඩම්බර ගමන ඔබට මේ විඩියෝවෙන් අනිත් ග්‍රහයන් සමගම ගණිතමය ඇසුම් දැකුම් රුකුල් වලින්ම බලාගන්න පුළුවන්. දැන් මාධ්‍ය ජ්‍යෝතිෂය සැරසෙනවා නියතයි මේ ගැන විවිධ කතන්දර හදන්න. මාරසට බලන් ඉන්නේ සෙනසුරාගෙන් වෙන දේවල් ගැන නෙවේ. සෙනසුරා ගැන සොයන මිනිසුන් ගැනත්නොවේ. සෙනසුරා ගැන අහලවත් නැති මිනිසුන්දෙස සෙනසුරාගේ බැල්ම කොහොමද කියලා. බුදුන් වහන්සේලාවත් මාධ්‍ය ප්‍රතිරූපකර හරි හම්බකරගන්නා මාධ්‍ය මිත්‍යාන්ධකාර කර්මාන්තයකට සෙනසුරා යනුද කීයක් හරි හම්බකරගැනීමේ මාධ්‍ය ප්‍රතිරූපයක් විතරයි. ඉතින් සෙනසුරානෙනි ! ඔබ යන්න - ඇවිත් යන්න එන්න. එහෙම කිව්වේ වටේ යන අය ගියත් ආයේ නොවරදවාම එන බව දන්නා නිසයි. මිනිසා ව්‍යුහාත්මක රාමු හදාගෙන තිබෙන්නේ වටේ කැරකෙන්න තමා. ඒ තමා මිනිසාගේ සිතීමේ ආධ්‍යාත්මයේ හැටි.
"නෑවිත් යන්ට බැරිය......
නොගොස් එන්ට බැරිය....."
*මළවුන්ගේ අවුරුදු දා*

www.jagathmarasinghe.com 29 10 2022



Powered by Blogger.